Local NewsNews

ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයේ මුල් සති දෙකක කාලය එංගලන්තයෙන් මුල් සති දෙක කාලයට වඩා ඉතා ඉහළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එංගලන්තය තුළ මුල් සති දෙකක කාලයේදී වාර්තාවූයේ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු පමණක් යැයිද ශ්‍රී ලංකාවේ මුල් සති දෙක තුල කොරෝනා රෝගීන් සියයක් වාර්තා වූ බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

දින 35කදී එංගලන්තයෙන් රෝගීන් 110ක් වාර්තා වූ බවත් ශ්‍රී ලංකාව දින 35කදී කුමන තත්ත්වයකට යාවිදැයි තීරණය කරන්නේ ජනතාව හැසිරෙන ආකාරයට බවත් ඔහු පැවසීය.

හිරු රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට එංගලන්තයේ කොරෝනා රෝගීන් 11658ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යංව 578කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Malar FM

IMF වෙතින් ඩොලර් මිලියන 200ක ආධාර ඉල්ලීම සලකා බලයි: ‘දිට්වා’ ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාවට සහාය දීමට කැපවෙයි

Malar FM

ගොඩබාන්න ඩොලර් නෑ.. ඉන්ධන නැවු දෙකක් වරායේ.. ප‍්‍රමාද ගාස්තුත් ඉහලට…

Malar FM