Local NewsNews

ලංකාව දැඩි අවදානමක.. කොරෝනා මුල් සති දෙක එංගලන්තයට වඩා දරුණුයි.. ලංකාවේ 100යි.. එංගලන්තයේ 09යි.. අද එංගලන්තයේ 11000 පැනලා..

ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන්ගේ වර්ධනයේ මුල් සති දෙකක කාලය එංගලන්තයෙන් මුල් සති දෙක කාලයට වඩා ඉතා ඉහළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එංගලන්තය තුළ මුල් සති දෙකක කාලයේදී වාර්තාවූයේ කොරෝනා ආසාදිතයන් 09 දෙනකු පමණක් යැයිද ශ්‍රී ලංකාවේ මුල් සති දෙක තුල කොරෝනා රෝගීන් සියයක් වාර්තා වූ බවද සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

දින 35කදී එංගලන්තයෙන් රෝගීන් 110ක් වාර්තා වූ බවත් ශ්‍රී ලංකාව දින 35කදී කුමන තත්ත්වයකට යාවිදැයි තීරණය කරන්නේ ජනතාව හැසිරෙන ආකාරයට බවත් ඔහු පැවසීය.

හිරු රූපවාහිනියේ වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

අද වන විට එංගලන්තයේ කොරෝනා රෝගීන් 11658ක් වාර්තා වන අතර මිය ගිය සංඛ්‍යංව 578කි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජාතික ලැයිස්තුව නිකුත් වෙයි

Malar FM

මරුවා අතින් ගෙන මගී බෝට්ටු ගමනේ…

Malar FM

සැහැල්ලු දුම්රිය අවලංගු කලාට ජපානයට මිලියන 5896ක් ගෙවන්න වෙයි..

Malar FM