International NewsNews

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

මේ වන විට ලොව පුරා කොරෝනා රෝගීන් සංඛ්‍යාව 532000 පන්නයි . දිනකට කොරොනා රෝගින් 60780 වු වැඩි ම සංඛ්‍යාවක් ඊයේ දිනයේ දී වාර්තා කොට ඇත.

දිනකදී වාර්තා වූ වාර්තා වූ වැඩිම රෝගීන් ඇමරිකාවෙන් ද 17279 ක්ද ස්පාඤ්ඤය 8272 ක්ද ඉතාලිය 6204 ක්ද ජර්මනිය 6615 ක්ද . ප්‍රංශය 3923 ක්ද එංගලන්තය 2129 සුවිස්ටර්ලන්තය 924 ක ඕස්ට්‍රේලියාව 374 ක් කැනඩාව 634 කිද නෙදර්ලන්තය 1019 කි ද බෙල්ජියම 1298 ක්ද ඔස්ට්‍රියාව 1321 ක්ද ලෙස ඉතා ඉහල රෝගීන් ප්‍රමාණයක් වාර්තා කොට ඇත .

ඊයේ දිනයේදී වැඩිම කොරෝනා ආසාදිතයන් වු 17179 ක් ඇමරිකාවෙන් හමු වී ඇත. ඒ අනුව මේ දක්වා ඇමරිකාවේ රෝගීන් 85390 ක් වාර්තා කොට රෝගීන් වැඩිම වූ රට ලෙස පළමු ස්ථාන පැමිණ ඇත .

මේ වන විට ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඒ නිසා දිනක් තුල වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ඉතාලියෙන් 712 ක් ද ස්පාඤ්ඤය 718 ක්ද ප්‍රංශය 365 ක් ඇමරිකාවේ 268 ක් එංගලන්තය 125 ක් ඇතුළුව දිනක දී මිය ගිය වැඩිම ගන්න වන 2791 ක් වාර්තා කොට ඇත .

චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර ඊයේ දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 55 දෙනෙක් පමණි. චීනයේ මිය ගිය ගණන 5 කි.

අලුතින් සීඝ්‍රයෙන් වැඩි වේගෙන යන්නේ කැනඩාව දිනක් තුල 634 ක ද ඔස්ට්‍රියාව 1332 ද වාර්තා කොට ඇත. එමෙන් ම බ්‍රසීලයේ දිනෙකදී වර්තා රෝගීන් 432 වු අතර ඊයේ දින 18ක් මියගොස් ඇත.

එමෙන් ම ඉන්දුනීසියාවේ නව ආසාදිතයින් 103 ද වාර්තා වූ මරණ සංඛ්‍යාව 20 ක් ඊයේ දින දී වාර්තා කොට ඇත .

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව ලෝකයේ 531864 ක් ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 24073 ඉක්මවා ඇත.

ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් 4 විය. ඒ අනුව මේ රට ශ්‍රී ලංකාව රෝගීන් සංඛ්‍යාව 100 ඉක්මවා ඇත . එහෙත් මේ වන තුරු කිසිම මරණයක් ශ්‍රී ලංකාවේ වාර්තා කර නොමැත .

මෙම තත්වය පාලනය කිරීමට විශේෂයෙන් ම ශ්‍රී ලංකා රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව මහත් උත්සාහයක් ගනිමින් පවතීන අතර ජනතාවගේ සහයෝගය මෙය පාලනය කිරීමට රජය බලාපොරොත්තුවෙ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විදුලි බලාගාර ජලාශ රැසක ජල මට්ටම් අඩියටම බහී.. ජල විදුලි නිෂ්පාදනය අවම වේ..

Malar FM

රට වැසීම වැරදියි.. අපට කන්න නෑ.. රජයේ සේවකයන්ටත් පඩි දෙන්න එපා..- රජයේ පිරිසක්ම විරෝධයේ..

Malar FM

ඥානසාර හිමිගේ සාක්ෂි පටිගතකළ මව්ලවි ඉල්ලා අස්වෙයි

Malar FM