Local NewsNews

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.

අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

එම පුද්ගලයා හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගනු ලැබුවේ ද ඊයේ දිනයේ යි.

රෝගී තත්ත්වය වසන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී ඇති මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබුණි.

රෝගීන් මෙලෙස තොරතුරු වසන් කිරීම හේතුවෙන් ගැටළු රැසකට මුහුණදිමට සිදුවන බව අද දෙරණට අදහස් දක්වමින් ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා පැවසුවේය.

මෙම මරණයත් සමඟ කොවිඩ් නයින්ටින් වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 03ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙකු පසුගිය 28 වැනිදා මිය යාමත් සමඟ වෛරසය හේතුවෙන් මෙරට සිදුවු පළමු මරණය වාර්තා විය.

දෙවන මරණය පසුගිය 30 වැනිදා වාර්තා වූ අතර වෛරසය ආසාදිතව සිටි  64 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස මිය ගොස් තිබුණි.

මේ වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 146 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ.

තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 122ක් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

Malar FM

බදියුදීන්ගේ මස්සිනාට තවත් දුෂණ චෝදනාවක්..- තව මෙහෙකාරියක් සාක්‍ෂි දෙයි..

Malar FM

ඇප නැතිව ණය දෙන බැංකුවක්..

Malar FM