Local News News

දහම් පාසල් ආරම්භ කිරීමට අවසර

කොරෝනා වසංගතයත් සමග තාවකාලිකව වසා දැමුණු බෞද්ධ දහම් පාසල් අදියර 03 ක් යටතේ ආරම්භ කිරීමට බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. පාසල් යළි විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණයත් සමග බෞද්ධ දහම් පාසල් ද මෙලෙස විවෘත කිරීමට තීරණය කළ බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව දහම් පාසල් අවසාන හා ධර්මාචාර්ය ශ්‍රේණි ජූලි මස 12 වැනිදා සිට ආරම්භ කෙරෙනවා. දහම් පාසල්වල 03 වන ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා ආරම්භ කෙරෙන්නේ ජූලි මස 26 වැනිදා සිටයි. කෙසේවෙතත් දහම් පාසල්වල 01 සහ 02 ශ්‍රේණි, පාසල් වල 01 සහ 02 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසුව එළඹෙන ඉරුදින ආරම්භ කෙරෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

තිත්තගල්ලේ හිමි ජයටම ගත් බ්ර්ත්ඩේ පාටිය වාර්තා කල මාධ්‍යවේදියෙකුට සුමධුර බැණ වැදිල්ලක..

Shiran Viraj

බාල ඖෂධවලින් ෆාමසි පිරේ… රෝගී ජීවිත අවදානමේ…

Shiran Viraj

Leave a Comment