Local NewsNews

කොරෝනා සැගවූ පුද්ගලයෙක් පැමිණේ.. මහරගම පිලිකා රෝහලේ 14ක් නිරෝධායනයේ..

මහරගම ‘අපේක්‍ෂා’ පිළිකා රෝහලේ කාර්ය මණ්ඩලය 14 දෙනෙකු නිරෝධාන ක්‍රියාවලියකට ලක්කර තිබේ.

මෙම පිරිස අතර වෛද්‍යවරුන් 04 සහ හෙදියන් 06 ද සිටිති.

කොරෝනා ආසාදිත පුද්ගලයෙකු එම රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත.

අදාළ පුද්ගලයා අසත්‍ය ප්‍රකාශ කරමින් රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණ ඇති බව වෛද්‍යවරුන් පවසති.

තමනට කොරෝනා යයි සැක සහිත නම් එක්වරම රෝහලකට නොපැමිණ ‘1390’ අංකයට අමතා ලැබෙන වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජය දැනුම් දී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

බංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට

Malar FM

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Malar FM

සඳුදා නිවාඩුව පුංචි ඡන්දය පමා කරන ගැටයක්..?

Malar FM