Local NewsNews

කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරනු.. භූමදාන එපා.. ඉස්ලාම් ලෝකයේ බුද්ධිමත්ම පාලක සාජා සුල්තාන් ප්‍රශ්නය විසදයි…

ඉස්ලාම් භක්තිකයකු කොරෝනා රෝගයෙන් මිය ගියහොත් එය භූමදාන කිරීම වළක්වමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සාජාහි පාලක මොහොමඩ් අල් කස්මි සුල්තාන්වරයා නියෝගයක් නිකුත් කර ඇත.

අරාබි ලෝකයේ සිටින බුද්ධිමත්ම පාලකයා ලෙස සැලකෙන සාජාහි සුල්තාන්වරයා ගත් මෙම තීරණය ආදර්ශයට ගනිමින් ශ්‍රී ලංකාව තුල මේ සම්බන්ධයෙන් පැන නැගුනු දෙගිඩියාව සමනය කර ගත හැකි බව මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඊයේ දින රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිකයන් රැසක් එක්ව ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගයෙන් මිය ගිය ඉස්ලාම් භක්තිකයන්ගේ මල සිරුරු භූමදානයට අවසර නොදීම පිලිබඳ චෝදනාත්මක ලිපියක් ජනාධිපතිතුමාට යොමු කර තිබිණි.

මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිස රණවිරුවන්ට විරුද්ධව, මහා සංඝරත්නයට විරුද්ධව සහ බෙදුම්වාදය වෙනුවෙන් පසුගිය කාලය පුරාවට පෙනී සිටි පිරිසක් ලෙස සමාජය හඳුනාගත් පිරිසකි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

72 වන ජාතින නිදහස් දින සැමරුම අද

Malar FM

උද්ධමනය ඉහලට.. අලුත්ම වාර්තාව මෙන්න..

Malar FM

කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..

Malar FM