Local NewsNews

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම ප්‍රදේශවල ජනතාව වෙළෙඳ සැල්, ඔසුසැල් හා බැංකු වෙත පැමිණෙන ආකාරය දක්නට ලැබුණි.

කොරෝනා වෛරස ආසාදනය වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ ලබා දී තිබූ උපදෙස් පිළිපදිමින් මුඛ ආවරණ පැළද සහ දුර ප්‍රමාණය පවත්වාගනිමින් පෝලිම්වල සිටින ආකාරය බොහෝ ස්ථානවලදී අපට දැකගත හැකි වුණි.

කෙසේ වෙතත් ඇතැම් ජනතාව තවමත් සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තැකීමකින් තොරව භාණ්ඩ මිලදී ගැන්නා ආකාරයත් අපට දැකගත් හැකි විය.

කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද(06) පෙරවරු 6ට ඉවත් කෙරුණි.

පස්වරු 2ට එම ප්‍රදේශ සඳහා යළිත් ඇඳිරි නීතිය පැනවෙනු ඇත.

මේ අතර, අද සිට ලබන 10 වන සිකුරාදා දක්වා කාලය නිවසේ සිට වැඩකරන තවත් කාලසීමාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

පෙරවරු 06 ට ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය පස්වරු 02.00ට යළි පැනවෙන අතර එය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි.

එමෙන්ම ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකි වන පරිදි නොකඩවා සේවා සැපයීමට ද රජය සියලු විධි විධාන ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පාස්පෝට් ඉල්ලුම 250% කින් ඉහළට… රටින් යන පිරිස් වැඩිවෙයි…

Malar FM

ප්‍රබල ඉන්දියානු ක්‍රීඩකයන් 5ට නිදහස් කුසලානය අහිමි වෙයි

Malar FM

“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයි

Malar FM