NewsPolitical

ඉරාජ් අස්වුනේ යෝෂිත කණට ගහලාද..?

ප‍්‍රසිද්ධ සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූයේ තමන් විසින් කල පහර දීමකින් යැයි පළවන සමාජ ජාල වාර්තා ප‍්‍රතික්ෂේප කරන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ඩේලි මිරර් වෙබ් අඩවියට පවසා ඇත.

අදාළ වාර්තා පදනම් විරහිත බවත් ඉරාජ් වීරරත්න මහතා සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් තමන් ඉරාජ් වීරරත්න අවසන් වරට දුටුවේ කලකට පෙර උත්සවයකදී බවත් ඔහුගේ ඉල්ලා අස්වීමට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැති බවත් යෝෂිත රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ජාතික තරුණ සේවා සභාව ඉරාජ් වීරරත්න මහතා පසුගිය දා ඉල්ලා අස් වූ අතර ඒ බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ලිඛිතව දැනුවත් කර තිබේ.

Related posts

චන්දිමාල්ගේ පාටියට ගිය ප‍්‍රකට කලා පවුලක අයෙක් පොලීසියෙන් සොයයි

Malar FM

ටෙලිකොම් සභාපති පන්නයි.. අධ්‍යක්‍ෂ මණ්ඩල කුමන්ත‍්‍රණයක් යයි ඔහු කියයි…

Malar FM

ගෝලීය යුද ආතතීන් හමුවේ ශ්‍රී ලංකාව හදිසි සැලසුම් ශක්තිමත් කළ යුතු බව නාමල් රාජපක්ෂ පවසයි

Malar FM