International NewsNews

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි.

ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන පසුබිමකයි.

මේ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය, අද වනවිට ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින්  අතිධාවනකාරී වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතියි.  

එහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ, යුරෝපා කලාපයට සහ උතුරු අමෙරිකානු මහද්වීපය වෙතයි.

ඊයේ දිනයේදී වාර්තාගත දෙවැනි දිනටත් අමෙරිකාවෙන් මරණ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී තිබුණි.

එය දැක්වූණේ මරණ 1,819ක් ලෙසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

තවත් 859කට කොරෝනා.. ආසාදිතයන් 62,000 පනී…

Malar FM

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Malar FM

තවත් සති දෙකක් සංචරණ සීමා දිගු කරන්න වෙනවා..

Malar FM