International NewsNews

ලොව පුරා කොරෝනා මරණ 95000 ඉක්මවයි

කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයෙන් ලොව පුරා මියගිය පිරිස අද වනවිට 95,506 ලෙසින් දැක්වුණි.

ඒ ලොව පුරා රටවල් සහ ස්වයංපාලන කලාප 200කට ආසන්න ප්‍රමාණයකින් ආසාදිතයින් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවන පසුබිමකයි.

මේ අතර දින කිහිපයක් ලන්ඩනයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවයි, විදෙස් මාධ්‍ය අද වාර්තා කළේය.

චීනයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් නයින්ටීන් වෛරසය, අද වනවිට ගෝලීය වසංගත තත්ත්වයක් ලෙසින්  අතිධාවනකාරී වේගයකින් ව්‍යාප්ත වෙමින් පවතියි.  

එහි වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ, යුරෝපා කලාපයට සහ උතුරු අමෙරිකානු මහද්වීපය වෙතයි.

ඊයේ දිනයේදී වාර්තාගත දෙවැනි දිනටත් අමෙරිකාවෙන් මරණ දෙදහසකට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී තිබුණි.

එය දැක්වූණේ මරණ 1,819ක් ලෙසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

Covid19 එන්නත් රැගෙන යා හැකි අධිශීතකරණ නිපදවීම ඉන්දියාව අරඹයි

Malar FM

සුළි කුනාටුව ඉන්දියාවට

Malar FM

“කාදිනල්තුමා සෙවූ මහ මොලකරු ජූඩ් ප්‍රනාන්දු පියතුමාද?” – උදය ගම්මන්පිලගේ ගැඹුරු චෝදනාවක්

Malar FM