Local NewsNews

බැතිමතුන් නොමැති කතරගම සත්තුත් අසරණ වෙති

මේ දිනවල ලෝකය පුරාත් අප රටේත් පැතිර යන කොරෝනා වයිරසය මුල් කරගෙන  මිනිසුන් හා ජීවත් වූ සතුන් ද පීඩාවකට පත්ව ඇත.

ගිනි අතර  බඩගින්න තරම් ඉවසීමට නොහැකි ගින්නක් තවත් නැති බව බුද්ධ දේශනයේ පවා කියවේ.

රටේ පවතින කොරෝනා වයිරසය මුල් කර ගෙන කා අතරත් නිතර කියවෙන ආහාර ගැටලූවට පිළියම් මිනිසා විසින්  උපක‍්‍රම ලෙස විස දා ගනු ලැබුවත්  මිනිසුන් හමුවේ ජිවත් වෙන සතුන් ද මේ වනවිට උග‍්‍ර ආහාර හිගයකින් මේ වනවිට පෙලෙමින් පවති.

කතරගමට පැමිණෙන බැතිමතුන් රැගෙන එනු ලබන පළතුරු පුජාවේ ඉතිරී වන පළතුරු කැබිළි කා දිවී ගෙවු වදුරන් රිළවුන්, ගවයින්,සුනඛයින් හා බුත්තල කතරගම මාර්ගයේ සිටින මේ වනවිට වන්දනා බැතිමතුන් නොපැමිණිම මත දැඩි පීඩනයකින් පසුවේ.

වෙන දා කිරිවෙහෙර ඇතුලූ පුජා භුමියේ බුද්ධ පුජාවෙන් පසුව ඉවතලන දන් කෑමට හුරු වු සුනඛයින්ද ඉතා අසරණව සිටින අතර බැතිමතුන්  කසළ බදුන් වෙත මුදා හරිනු ලැබු පළතුරු කැබිළි කා දැමු අසරණ ගවයින්ද හුදාකළා වී පුජා භුමියේ සිටිති.

මෙයට අමතරව වන්දනා කරුවන්ගේ පුජා වට්ටියට පැන පළතුරු පැහැර ගෙන හා බැතිමතුන් ලබා දෙනු ලබන පළතුරු කා ජිවත් වු වදුරන් මේ වනවිට ගස් වලින් බිමට  බැස කුසගින්නේ පසුවේ.

කිසිදු වන්දනා බැතිමතකු නෙපැමිණිම මත මිනිසතුන් ද සතුන් සිපාවුන් ද මාසයකට ආසන්න කාලයක් තුල ආහාර හිගයකින් පසුවේ වන්දනා බැතිමතුන්ගේ නොපැමිණිම මත කතරගම ජනයා ද දැඩි ආහාර හිගයකින් පසු වෙන මේ අවස්ථාවේ දි කිසිදු පිහිටක් මිනිසුන් සමග ජිවත් වන සතුන්ට ද අහිමි වී පිඩනයකින් පසුවේ.

lanka lead news

Related posts

ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයි

Malar FM

කොරෝනා වෛරසය බොහෝ මට්ටමින් සමාජය තුල තිබෙනවා..- ඖෂධ ඇමති චන්න ජයසුමන

Malar FM

අගවිනිසුරුවරයා විශ්‍රාම යයි

Malar FM