Local NewsNews

මධ්‍යස්ථාන 12ක් තුළ පුද්ගලයින් 1311ක් නිරෝධායනයට

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවල තවදුරටත් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ පුද්ගලයින් 1311 දෙනෙකු තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.

ගතවු කාලය තුළ නිරෝධායනයට යොමු කළ පුද්ගලයින් 3459 දෙනෙකු නිවෙස් වෙත පිටත් කර හැර තිබේ.

මේ අතර පුත්තලම, අල්කාසිම් සිටි සහ පාලවිය ප්‍රදේශවල පුද්ගලයින් 65 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.

පසුගියදා හදුනාගැනුණු අල්කාසිම් නගරයේ නිවාස යෝජනා ක්‍රමයේ පදිංචිව සිටි වෛරස ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට හදුනාගත් අදාල පිරිස ඊයේ රාත්‍රී නිරෝධායනය සදහා යොමු කර ඇති බව වාර්තා වෙයි.

එම ප්‍රදේශයෙන් හදුනාගත් ආසාදිතයා ඉන්දුනීසියාවේ සංචාරය කර මෙරටට පැමිණි අයෙකු වන අතර ඔහු සෞඛ්‍ය අංශ වෙත තොරතුරු වසන් කර මන්නාරම, තාරපුරම් ප්‍රදේශයේ අවමඟුල් උත්සවයකට ද සහභාගී වී ඇති බවට අනාවරණය වී තිබේ.


(under the courtesy of adaderana.lk news web)

Related posts

Rapid Test Kit කොරෝනා පරීක්‍ෂණ අසමත් වේ.. 50%ක් රෝගීන් හදුනාගෙන නෑ..

Malar FM

ආසාදිතයන් 2000 සීමාවේදී රට විවෘත කල හැකියි.. පාසැල්ද අරඹිය හැකියි…

Malar FM

රන්ජන්ගේ පරණ වීඩියෝවක් උසාවියේ තිරගත කරයි

Malar FM