Local NewsNews

රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන එ්මෙන් පසු මීගමුවේ නිරෝධයන මධ්‍යස්ථානට හිටපු මන්ත‍්‍රීවරයා යොමු කර තිබේ.

කොරෝනා වෛරසය බන්ධානාගාර තුළට පැතිරීම වැළැක්වීම සඳහා සහ බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා මේ දිනවල රක්ෂිත බන්ධනාගාර ගත වන ඇතැම් පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය විසින් 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක

Malar FM

GSP+ සහ ඇමරිකානු බද්ද: ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක – IMF විමසිල්ලෙන්

Malar FM

චීනයේ නව වෙරලාරක්ෂක පිළිවෙතට ඉන්දුනීසියාවේ විරෝධය

Malar FM