Local NewsNews

අද රාත්‍රි 8 සිට සති අන්තයේ දිවයිනටම ඇඳිරි නීතිය

අවදානම් කලාප හැර සෙසු  ප්‍රදේශ වලට ලිහිල් කර ඇති ඇඳිරි නිතිය අද රාත්‍රි 8 සිට යළි ක්‍රියාත්මක වන අතර එය ලබන සඳුදා උදැසන 5 තෙක් බලපැවැත්වෙයි.

කොඩිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක් සඳහා අදත් උදෑසන 5ට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණි.

මෙලෙස ලිහිල් කෙරුණු ඇඳිරි නීතිය යළි රාත්‍රී 8ට පැනවෙන අතර එය අප්‍රේල් 27 සදුදා උදෑසන 5 තෙක් බලපැවැත්වෙයි.

ඒ අනුව හෙට සහ අනිද්දා දෙදින මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

කොළඹ,ගම්පහ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට පිවිසීම සහ ඉන් පිටවීම තවදුරටත් සම්පූර්ණයෙන් තහනම් කර ඇත.

මේ අතර ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබදව සෞඛ්‍ය බලධාරීන් විසින් යම් නිර්ණායක ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව ත්‍රිරෝද රථයක ගමන් කළ හැකි උපරිම මගීන් සංඛ්‍යාව දෙදෙනෙකුට සීමා කර තිබූ අතර ඊට වැඩි සංඛ්‍යාවක් ත්‍රිරෝද රථවල නංවාගෙන යන අයුරු අදත් දක්නට ලැබුණි.

මේ අතර අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති කොළඹ පෑලියගොඩ ප්‍රදේශයේ අද උදෑසනත් දැඩි රථවාහන තදබදයක් පැවතියේය.

එසේම ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශවල ඇඳිරි නීතිය කඩකරන්නන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මේ අතර අද උදෑසන තෙක් ගතවු පැය 24ක කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 666 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රථවාහන 183ක් පොලිස් භාරයට ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සජබයෙන් කොළ වර්ණය ඉවත් කරන්න – අකිලගෙන් කොමිසමට ලිපියක්

Malar FM

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Malar FM

දිනක මරණ ගණන 1000 පනීවි.. දැන්ම රට වසා දමන්න.

Malar FM