Local NewsNews

දේශීය කිරි පිටි කර්මාන්තයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය නවතියි – අමාත්‍යවරයාගේ මැදිහත්වීමක්

දේශීය කිරිපිටි කර්මාන්තයේ හුස්ම හිර කර මරා දැමීම සඳහා පාරිභෝගික අධිකාරියේ යම් නිලධාරීන් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය.

ඊට හේතුව වූයේ බදු සහන යටතේ ආනයනය කරන කිරි පිටි වල මිල ඉහළ දැමීමට අවසර දෙන අතර එම අවසරය දේශීය කිරි පිටි කර්මාන්තයට ලබා නොදීමය. එම තත්වය දිගින් දිගටම පවත්වා ගැනීමට ආනයනික කිරි පිටි සමාගම් සමත් වූවානම් දේශීය කිරිපිටි කර්මාන්තය වැසීයාමට බොහෝ ඉඩ කඩ තිබූ බවද වාර්තාවේ.

එසේ වූවානම් වෙළඳපොල ඒකාධිකාරිය තහවුරු කර ගන්නා විදේශීය  කිරි පිටි සමාගම් ආනයනික කිරි පිටි මිල තව දුරටත් ඉහළ දමන බවට සැකයක් නැති බව වෙළඳපල ආරංචිමාර්ග මාර්ග පවසයි.

කෙසේ වෙතත් අමාත්‍යවරයාට ක්‍තොරතුරු වාර්තාවීමෙන් පසුව ඔහු ක්ෂණිකව ක්‍රියාත්මක වී දේශීය කිරි පිටි කර්මාන්තයට හුස්ම ගැනීමට අවස්ථාව සලසා ඇති බව වාර්තාවේ.

lanka lead news

Related posts

විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි – දැන ගන්න ඕනේ මේක එතුමාගේ පක්ෂය නෙමෙයි කියලා

Malar FM

ජනවාරි පලමුවැනිදා සිට රට දියුණුව කරා ගෙන යාම අරඹනවා…

Malar FM

බස් ප‍්‍රමුඛතා මංතීරු වැඩසටහනේ දෙවන අදියර අද සිට

Malar FM