Local NewsNews

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

වෙසක් දිනයට ප්‍රථම ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රු 2000 දිමනාව ලබා ගැනිමට හැටන් තැපැල් කාර්යයාලයට පැමිණි ජෙෂ්ඨ පුරවැසියන් (06) දිනත් ආපසු හරවා යැවිමට හැටන් තැපැල් කාර්යයාලයේ නිලධාරින් කටයුතු කෙරුණි.

(05) දිනයේත් හැටන් තැපැල් කාර්යයාලයේ වැඩිහිටි දිමනාව ලබා ගැනිමට වැඩිහිටියන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිසද (05) දින හැටන් තැපැල් කාර්යයාලයේ නිලධාරින් ආපසු හරවා යැවිමට කටයුතු කර තිබුණි.

ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල විසින් මේ මසට අදාල වැඩිහිටි දිමනාව ගෙවිමට අදාල චෙක් පත් තැපැල් කාර්යයාලට එවා නොමැති නිසා වැඩිහිටි දිමනාව (11) දින තෙක් ගෙවිමට නොහැකි බව පවසමින් හැටන් තැපැල් කාර්යයායේ නිලධාරින් වැඩිහිටි දිමනාව ලබා ගැනිමට පැමිණි පිරිස දැනුවත් කර ආපසු  හරවා යැවිණ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හිටපු ගුවන් හමුදාපති බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයට

Malar FM

පොහොට්ටු ලේකම්ගේ නිවේදනය වැරදියි.. ගම්මන්පිලගේ විශ්වාසභංගය පරදවනවා..

Malar FM

තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරයි…

Malar FM