Local NewsNews

රෝග ලක්‍ෂණ නොපෙන්නවන ආසාදිතයන් 80%ක් සමාජයේ සිටිය හැකියි..

කොරෝනා රෝගී ලක්ෂණ නොපෙන්වන රෝගීන් සමාජයේ තැන තැන සිටිය හැකි බව වෛද්‍ය පර්යේෂණාගාර අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
එනිසා මේ පිරිස් ගැන දැඩි අවධානය යොමු කළ යුතු බවත් එසේ නොවුණහොත් රෝගීන් යළි පැතිර යා හැකි බවත් ඔහු පැවසුවේය.
රෝගීන් 20% කිසිදු රෝග ලක්ෂණයක් මතු කරන්නේ නැති බවත් රෝගීන් 60% රෝග ලක්ෂණ මතු කරන්නෙ ඉතාම අවම මට්ටමෙන් බවත් පැවසූ ඔහු නමුත් මේ අයට ප්‍රබල ලෙස රෝග වාහකයන් ලෙස කටයුතු කළ හැකි බවත් අවධාරණය කරයි.
එනිසා වැඩියෙන් ආරක්ෂා විය යුත්තේ මෙම පිරිසගෙන් බවත් එසේ නොවුණහොත් රැකියාවලට යන එන අය නිවෙස්වලට වෛරස ගෙන යන්නන් විය හැකි බවත් දැනට ඇති ප්‍රධානම ප්‍රශ්නය එය බවත් ඔහු කියා සිටියේය.
මේ තත්ත්වය මත අනිවාර්යෙන්ම වෛරසයෙන් ගැළවීම සඳහා සෞඛ්‍යමය උපදෙස් මාලාව කාලයක් තිස්සේ පිළිපැදිය යුතු බවද රැකියා වලට පැමිණෙන අය අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය රැකිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

Exclusive : ඇදිරි නීතිය ඉවත් කරන හැටි ආරක්‍ෂක ලේකම් කියයි..

Malar FM

කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USA

Malar FM

මෙවර ලෝක කුසලානය ගේන්න බැරිවුනේ ලෙජන්ඩ් නාකියා නිසා..- ෂම්මි

Malar FM