BusinessBusiness NewsNews

IDH රෝහලේ අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා පුද්ගලික අංශය සහය වේ

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ විසින් 2020 අප්‍රේල් 28 දින බෝවෙන රෝග පිළිබඳ ජාතික ආයතනයේ (IDH) නව අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරයක් විවෘත කරන ලදී.

මෙල්ස්ටකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී, ඩට්ච් බෑන්ක් සහ සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් යන පුද්ගලික අංශ මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ශුභසාධක සංගමය සහ විවෘත කිරීම නියෝජනය කළ ෂම්මි සිල්වා මහත්මිය යන අයගේ පරිත්‍යාගවලින් ලද අරමුදල් සහ ප්‍රතිඥා හේතු කොට ගෙන  නව රසායනාගාරය යථාර්ථයක් බවට පත්කරන ලදී.

කොවිඩ් – 19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාවේ පරීක්ෂණ හැකියාව වැඩි කිරීමේ හදිසි අවශ්‍යතාවය සපුරාලීම සඳහා මෙම රසායනාගාරය ස්ථාපිත කරන ලදී. තාවකාලික රසායනාගාර පහසුකමක් අයිඩීඑච් හී මූලිකව ස්ථාපිත කරන ලද අතර වඩාත් ස්ථීර පහසුකම දක්වා 2020 මාර්තු 29 දින සිට මෙහෙයුම් ආරම්භ කරන ලදී. මෙම පහසුකම අනාගතයේදී තවදුරටත් යාවත්කාලීන කිරීමට අපේක්ෂා කෙරේ.

අයිඩීඑච් හී අණුක රෝග විනිශ්චය පිළිබඳ රසායනාගාරය ස්ථාපිත කිරීම මඟින් පරීක්ෂණ හැකියාව සඳහා පහසුකම් සලසා ඇති අතර පරීක්ෂණ කාලවේලාවන්ද අඩුකර ඇත. එමෙන්ම අයිඩීඑච් තුළම පරීක්ෂණ කරගෙන යාමට හැකිවන බැවින් අයිඩීඑච් හී ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ශායනික කළමනාකරණය වර්ධනය කර ඇත. මෙම රසායනාගාරය නෙගටිව් ලෙස පරීක්ෂා කරන ලද පුද්ගලයින් කඩිනමින් මුදා හැරීමට හැකියාව ඇති කරමින් ජෛව අපද්‍රව්‍ය බැහැරකිරීම සහ ප්‍රවාහනය තුළ ඇතිවිය හැකි ජෛව-උවදුරු වැලැක්වීමට ද සහය වනු ඇත.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අමෙරිකාවට දකුණු කොරියාවට පහර දෙන්න උවමනා නැහැ- කිම් ජෝන් උන්

Malar FM

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

Malar FM

මං අවොත් හමුදා පාලනයක්දැයි ඇතැමුන් අහනවා..මගෙන් කෑලි ගැලෙවුවොත් රට ඉල්ලන ගෝටාභය නැතිවෙනවා- ගෝටා කියයි

Malar FM