Local NewsNews

‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

කෑගල්ලෙන් ආරම්භ වූ කහ තිත් පලගැටි උවදුර මේ වන විට තවත් දිස්ත‍්‍රික්ක කිහිපයක ව්‍යාප්ත වෙමින් තිබියදී ‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇගවීමක් කෙරෙනවා.

ගන්නෝරුව කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර පැවසුවේ ගොවීන් ඒ පිළිබඳවද විමසල්ලෙන් සිටිය යුතු බවයි. අප්‍රිකාවේ සිට ඉන්දියාව දක්වා මේ වන විට කාන්තාර පළගැටියා පැමිණ ඇති බව ද පෙන්වා දුන්නා.

මේ අතර කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් පළමුවරට හමුවූ කහ තිත් පළඟැටියා මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වගාවන් ද ආක‍්‍රමණය කර තිබෙනවා.  

ඒ අනුව හානියට ලක් වූ වගාබිම් ඊයේ කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ද නිරීක්ෂණය කළා.

මෙම කහ තිත් පළඟැටියන් රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමින් යාන්ත‍්‍රික ක‍්‍රම මගින් මර්දනය කිරීමට වැඩි ප‍්‍රමුඛතාවක් දී ඇති බවයි කෘෂි බලධාරීන් පවසන්නේ.

මෙම උවදුර පිළිබඳ දැනුම් දීමට දුරකථන අංක දෙකක් ද ගොවීන් වෙනුවෙන් විවෘත කර තිබෙනවා. ඒ 1920 ක්ෂණික ඇමතුම් අංකය සහ 081 2 388 316 යන දුරකථන අංකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Malar FM

රජයේ සේවක පඩි ගෙවන්න වසරකට බිලියන 1200ක්… සෙසු සියල්ලටම ඉතිරි බිලියන 200යි..

Malar FM

රනිල්ට සාගල විතරයි.. හැම කමිටුවෙම සභාපති සාගල..

Malar FM