International NewsNews

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ලක්ෂ 100 ඉක්මවා යයි

ලොව පුරා රටවලින් වාර්තා වන නව්‍ය කෙරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 100 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට වාර්තා වී ඇති සමස්ථ නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 73, 812 ක්. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන රටවල් ලැයිස්තුවේ තවදුරටත් පෙරමුණේ පසුවන්නේ අමෙරිකාවයි. බ‍්‍රසීලය 02 ස්ථානයේත්, රුසියාව තෙවන ස්ථානයේත්, ඉන්දියාව සිව්වන ස්ථානයේත් පසුවනවා.

මේ වනවිට ලොව පුරා රටවලින් වාර්තා වන කොරෝනා මරණ ගණන ද පන් ලක්ෂය ඉක්මවා තිබෙන අතර එම සංඛ්‍යාව පන් ලක්ෂ 608 ක්.

කෙසේවෙතත් නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී මේ වනවිට ලොව සුවය ලබා සිටින පිරිස පනස් හතර ලක්ෂ 51, 856 ක් වනවා. ඒ අනුව තවදුරටත් ලොව පුරා රෝහල්වල ප‍්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ 41 ලක්ෂ 21, 348 ක් ලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනපති ඉල්ලූ පිළිතුර අද සළකා බැලෙන හැටි

Malar FM

දෛනිකව සංචාරකයන් 5,000ක් ලංකාවට…

Malar FM

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 24ක් කරනවා.. රජයේ සේවක වැටුප් වැඩි කරනවා..

Malar FM