Local NewsNews

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන අනිවාර්ය නිවාඩු යැවු පොලිස්පති සහ හිටපු ආරක්ෂක ලේකම් ගෙන් ප්‍රකාශයක් ගනියි

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත පැමිණ ප්‍රකාශ ලබාදී තිබෙනවා.

සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාගැනීම සඳහා හිටපු පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැඳවූ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර පැය 8 කට ආසන්න කාලයක් ද හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද පැය 9 කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයෙන් පිටව ගොස් තිබුණා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

කිසිම දෙයක් වගා කරන්න බැරි දරුණු නියගයක් දෙසැම්බරයෙන් පසු එනවා..

Malar FM

ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වැඩිම ආදායම වාර්තා කරයි: නව නිෂ්පාදන 7ක් වෙළෙඳපොළට

Malar FM

මැතිව්ස්ගේ ද්විත්ව ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම 515ක් දක්වා යයි

Malar FM