NewsPolitical

පොහොට්ටුවේ ජයග‍්‍රහණයට ජපානයෙනුත් සුබ පැතුම්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ලද ජයග‍්‍රහණය වෙනුවෙන් ජපාන රජය සුබ පැතුම් එක් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජපාන තානාපති කාර්යයාලය සඳහන් කළේ සාමකාමී, නිදහස් සහ සාධාරණව පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් ජපානයේ සතුට පළ කරන බවයි.

මෙම මැතිවරණය තුළින් තවදුරටත් ශක්තිමත් වූ ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදාය පිළිබඳව ප‍්‍රශංසාව පළ කරන බව ද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම, ශී‍්‍ර ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරි සංවර්ධනය උදෙසා ගනු ලබන ප‍්‍රයත්නය කෙරෙහි, ශී‍්‍ර ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ජපානයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව ද ජපාන තානාපති කාර්යයාලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මැතිවරණ ජයග‍්‍රහණය වෙනුවෙන් අමෙරිකාව, ඉන්දියාව, නේපාලය සහ මාලදිවයින යන රටවල් ද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සිය සුබ පැතුම් එක්කර තිබුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සරසවි සිසුන් 31කට පන්ති තහනම් කරයි…

Malar FM

මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරය

Malar FM

කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු නොකරන පුද්ගලයින්ට බ්‍රිතාන්‍යයට ඇතුල්වීම තහනම් : බ්‍රසීලයෙන් වාර්තාවන නව කොවිඩ් ප්‍රභේදය බ්‍රිතාන්‍යයටත්

Malar FM