Local NewsNews

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05ක් අත්අඩංගුවට ගන්න : නීතිපතිගෙන් උපදෙස්

කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා ගොඩනැගිල්ලට හානි කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව ඇතුළු තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

කුරුණෑගල නගරාධිපතිවරයාට අමතරව නාගරික කොමසාරිස්වරයාද අත්අඩංගුවට ගන්නා ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.

නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට අධිකරණයෙන් වරෙන්තු ලබා ගන්නා ලෙසට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කර සිටියේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අද සිට ත්‍රි රෝද රථවල යන අයට විශේෂ අවස්ථාවක්

Malar FM

මත්ද්‍රව්‍ය ලෝලීන් පුනරුත්ථාපනයට පුළුල් ජාතික මෙහෙයුමක් : විශේෂඥ කමිටුවක් ද පත් කරයි

Malar FM

යේමනය ආසන්නයේ බෝට්ටු අනතුරක්: මළ සිරුරු 68ක් සොයා ගනී

Malar FM