Local NewsNews

රතන හිමිගේ කපටිකමට ගරු කරන්නේ නෑ.. පාර්ලිමේන්තු යන්න ජාතික ව්‍යාපාරය භාවිතර කරන්න දෙන්නේ නෑ..- ඥාණසාර හිමි

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ වැඩිහිටි කමට තමන් ගරු කළ උන්වහන්සේගේ කපටි කමට ගරු කරන්නේ නැති බව උන් වහන්සේට පවසන්නේ යැයි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.

මෙවර පාර්ලිමේන්තුවට යාම සඳහා ජනතා ව්‍යාපාරය භාවිතා කරන්න ඉඩ නොතබන බවද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධව ඇතිව තිබෙන ප‍්‍රශ්ණය පක්‍ෂ ලේකම්වරයා සොයාගෙන විසඳීමට රතන හිමියන් කටයුතු කළ යුතු බව ද උන් වහන්සේ පවසති.

තමන්ට පාර්ලිමේන්තු යාම සඳහා මෙම ව්‍යාපාරය භාවිතා කරන්න එපා යැයි තමන් ඉල්ලා සිටින්නේ ද උන්වහන්සේ පැවසූ ඥාණසාර හිමියෝ තමනට මන්ත්‍රීධුර ඇතත් නැතත් ප‍්‍රශ්නයක් නැතිබවත් මන්ත්‍රීධුර තිබිලා නැති වෙච්චි අයට වැඩි වශයෙන් දුක දැනට බවත් පැවැසූහ.

මන්ත‍්‍රීකම ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න අධිකරණ වලට යන්නේ නැතැයිද මන්ත‍්‍රීකම් ඇතත් නැතත් සිංහල බෞද්ධයන් වෙනුවෙන් ආරම්භ කර තිබෙන සටන ඉදිරියට ගෙන යාමට කැප වන්නේ යයිද උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

කොළඹ දී පැවැති සමුළුවක් අමතමින් ඥානසාර හිමියෝ මේ බව කියා සිටියහ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…

Malar FM

හයිටි ප‍්‍රබල භූමි කම්පාවක්.. 308ක් මිය යයි..

Malar FM

මගේ රට ඉතාලියක් වෙන්න දෙන්න බෑ.. ඉදිරි සති දෙකද ඇදිරි නීතිය දානවා..- ජනපති

Malar FM