Local NewsNews

අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයට

කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය මණ්ඩල 14 දෙනෙකු නිරෝධායනයට යොමුකර තිබේ.

මෙරටින් පළමු කොවිඩ් 19 ආසාදිතයා හමු වූ දින සිට අදට දින 27 ක් ගත වී ඇති අතර මේ වන විට වෛරස් ආසාදිතයින් 176 දෙනකු හඳුනාගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 10 දෙනෙකු ඊයේ දිනයේ අලුතින් වාර්තාවූණි.

මේ වන විට වෛරසයෙන් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටවගොස් සිටින පිරිස 34ක් වන අතර වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියගොස් අති පුද්ගලයින් සංඛ්‍යාව 5කි.

කෙසේවෙත් රෝගීන් 138 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටියි

වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් 259 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

මේ අතර කොවිඩ් 19 වෛරස අසාදිතයින් හඳුනාගැනීම සඳහා සිදුකරනු ලබන පී.සි.ආර් පරීක්ෂණය සම්බන්ධයෙන් වෛද්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා අද දෙරණට අදහස් පලකළා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇල්ල වන රක්ෂිතයේ මහා ගින්නක්.. වේගයෙන් පැතිරේ.. නිවන්න අසීරුයි..

Malar FM

බන්දුලට කොරෝනා.. ජනාධිපති, අගමැති, මුදල් ඇමති, හමුදාපති, පොලිස්පති පලමු පෙල ආශ‍්‍රිතයන්..

Malar FM

ශී‍්‍ර ලංකාවේ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයින් 03ක් ICCයෙන් වන්දි ඉල්ලා අධිකරණයට යයි

Malar FM