NewsPolitical

අගමැති මහින්ද විසින් ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරුන් පත් කෙරේ

09 වන පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු සහ සහකාර සංවිධායකවරු, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් පත්වීම් ලිපි භාරගත්තා.

ඒ, පාර්ලිමේන්තුවේදීයි. ඒ අනුව ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායකවරු ලෙස ඩිලාන් පෙරේරා සහ ජයන්ත කැටගොඩ යන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් පත්කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරුන් ලෙස පත්කර ඇත්තේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ජගත් පුෂ්පකුමාර, මොහොමඞ් මුසම්මිල් සහ අසංක නවරත්නයි. අග‍්‍රාමාත්‍යවරයා විසින් ලබාදුන් මෙම තනතුරු, කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය තිසරට

Malar FM

සා/පෙළ නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් භාර ගැනීම හෙටින් අවසන්

Malar FM

ඉන්දියාව කොරෝනා ලයිස්තුවේ හතර වෙනි ස්ථානයට

Malar FM