NewsPolitical

පළාත්සභා නවය රුහුණු-පිහිටි-මායා නමින් තුනකට බස්සන්න යෝජනා

රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

පළාත් සභා නියෝජිතයන් හා ප්‍රාදේශීය සභා නියෝජිතයන් කොළඹට කැඳවා ඉකුත් සිකුරාදා (11 වැනිදා) පැවැත්වූ සාකච්ඡාවකදී හෙතෙම මේ බව දන්වා ඇත.

දැනට පළාත් සභා තිබෙන බැවින් මැතිවරණය පවත්වනවානම් හැකි තරම් ඉක්මනින් පවත්වන බවත්, එමගින් චිරාත් කාලයක් පළාත් සභා පවතින බවට අදහස් නොකරන බවත් හෙතෙම පෙන්වා දී ඇත.

පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පළාත් සභා වෙනස් කිරීමට යන බවත්, ඔහුගේ හිතුමතේට එය වෙනස් කළ නොහැකි බවත් කියමින් පළාත් පාලන නියෝජිතයකු කළ විරෝධය පෑමකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පෙන්වාදී ඇත.

එය සරත් වීරසේකරගේ මතය, මටත් මතයක් තියෙනවා. පක්ෂයටත් මතයක් තියෙනවා. පළාත් සභා අහෝසි කරනවා නම් එහි බලය ප්‍රාදේශීය සභාවලට පවරනවා යැයි මෙහිදී බැසිල් රාජපක්ෂ පවසා තිබේ.

lanka lead news

Related posts

එන්නත් තුනම නොගත් අයට ගමන් බිමන්, පොදු ස්ථාන තහනමක් පනවයි..

Malar FM

රටවල් 49 ක් සහ ජාත්‍යන්තර සංවිධාන 08 ක ප‍්‍රධානීන් ඉදිරියේ ජනපති රට ගැන දුන් සහතිකය

Malar FM

සති දෙකකින් දැඩි ව්‍යවසනයක්.. එළැඹෙන දිනවල දැඩි තීන්දු..

Malar FM