Local NewsNews

මංතීරු නීතියේදී තී‍්‍ර රෝද රථ සහ යතුරුපැදිවලට සහනයක්

මංතීරු නීතිය ක‍්‍රියාත්මක අවස්ථාවල ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි සදහා මාර්ගයේ වැඩි ඉඩක් ලබාදීමට බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ රථවාහන අංශය තීරණය කර තිබෙනවා. ඒ පසුගිය දින 04 තුළ ක‍්‍රියාත්මක කළ මංතීරු නීතිය පිළිබද මොරටුව විශ්ව විද්‍යාලය හා

ශ‍්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි. ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි, බස්රථ සදහා වෙන් කෙරුණු වම්පස මංතීරුවේ ගමන් කළ යුතු බව පොලීසිය මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. කෙසේවෙතත් ඊයේ දිනයේදී බස්, ත‍්‍රිරෝද රථ සහ යතුරු පැදි වම්පස මංතීරුවේ ගමන් කිරීම හේතුවෙන් එම මංතීරුවේ තදබදයක් පැවැති බවයි නිරීක්ෂණය වුණේ. ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලය හා ශ‍්‍රී ලංකා පොලීසිය සිදුකළ අධ්‍යයනයකින් අනතුරුව අනෙක් මංතීරුවල රථ වාහන අඩු වශයෙන් ධාවනය කෙරෙන්නේ නම් යතුරු පැදි සහ ත‍්‍රිරෝද රථවලට එම මංතීරු භාවිත කිරීමට අවස්ථාව ලබාදීමටයි පොලීසිය තීරණය කර ඇත්තේ.

ඉකුත් සඳුදා සිට පෙරහුරුවක් ලෙස කි‍්‍රයාත්මක කළ මංතීරු නීතිය අදින් අවසන් වනවා. ලබන 21 වනදා සිට එය නීතියක් ලෙස කි‍්‍රයාත්මක වන බවයි පොලීසිය පැවසුවේ. ඒ අනුව මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා අතර රුපියල් 2000 ක දඩයක් ද පනවන බවයි පොලීසිය සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Malar FM

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Malar FM

2000 බැගින් රුපියල් කෝටි දෙකක් ජනතාවට බෙදමින් සිටි ධනපතියෙකු අත්අඩංගුවට….

Malar FM