International NewsNews

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක මණ්ඩලය අමතමින් සංවිධානයේ ඉහළම විශේෂඥයෙකු වන මයිකල් රයන් මහතා පසුගියදා ප්‍රකාශ කර සිටියේ ලෝක ජනගහනයෙන් 10%කට කොවිඩ්19 වෛරසය වැළැඳී ඇති බවයි.

රයන් මහතාට අනුව ගිනිකොන දිග ආසියාවේ සමහර ප්‍රදේශවල සහ නැගෙනහිර මධ්‍යයධරණී කලාපයේ සමහර ප්‍රදේශ වල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතී.

තවද මයිකල් රයන් මහතා විධායක මණ්ඩලය අමතමින් චෝදනාත්මක ස්වරයෙන් පවසා සිටියේ චීනය සහ අමෙරිකාව නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වී ඇති බවයි.

“ලෝකය දුෂ්කර අවධියකට පියමනිමින් සිටී.වෛරස ආසාදනය දිගින් දිගටම පැතිරෙමින් පවතී.” යනුවෙන් ඔහු විධායක මණ්ඩලයට අවධාරණය කර සිටියේය.

lanka lead news

Related posts

පෙන්ෂන් ගිය දොස්තරලා යලි සේවයට…

Malar FM

මහ කැන්වසින් එකකින් දඹුල්ල උණුසුම්.. රාජ්‍ය ඇමති පොලිසියෙන් ආපසු හරවයි..

Malar FM

ආණ්ඩුව ඇතුලේ දැවැන්ත අරගලයක්.. ආණ්ඩුවේ සමහර වැඩ ජනවරමට පටහැනියි..- ගම්මන්පිල

Malar FM