Local NewsNews

වත්මන් ගුවන් හමුදාපති නොවැම්බර් 02 වෙනිදා විශ්‍රාම යයි

18 වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප‍්‍රධානී එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කිරීමට නියමිතව  තිබෙනවා. ඒ, ලබන මස දෙවනදා සිට කි‍්‍රයාත්මක වන පරිදියි. මේ වනවිට ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරන එයාර් මාර්ෂල් සුමංගල ඩයස් ලබන මස දෙවනදා විශ‍්‍රාම යාමට නියමිත බවයි ගුවන් හමුදාව පැවසුවේ.

ඉන්පසු ඔහු කැනඩාවේ ශී‍්‍ර ලංකා තානාපතිවරයා වශයෙන් පත් කිරීමට ද නියමිතයි. විශ‍්‍රාම යාමට නියමිතව සිටින ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් වෙනුවෙන් ඊයේ යුද හමුදා මූලස්ථානයේදී සමු ගැනීමේ උළෙලක් ද පවත්වා තිබෙනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් 246 කට කොරෝනා : මුළු ආසාදිතයින් ගණන 569 දක්වා ඉහලට

Malar FM

වෙසක් පෝදා ඤනසාර හිමි නිදහස් කරන්නැයි ලොකු තැනකින් කියයි..

Malar FM

බෝම්බ පිපිරීම් අස්සේ ශ්‍රී ලන්කන් මුල් පුටුවට ජාත්‍යන්තර දූෂණ වලට සම්බන්ධ පුද්ගලයෙක්.කලින් සේවය කළ ඇෆ්ගන් ගුවන්සේවයත් වසා දාලා

Malar FM