NewsPolitical

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා. 

ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයායි. ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් ඡන්ද 69,024,255 ක් ලබාගන්නේ  52.25% ක ඡන්ද ප‍්‍රතිශතයක් ද සමගයි. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද රාතී‍්‍ර 08 යි 30 ට ජාතිය අමතා විශේෂ ප‍්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි. 

එම විශේෂ ප‍්‍රකාශය නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවීව ප‍්‍රචාරය කිරීමට කටයුතු යොදා තිබෙනවා. 

මේ අතර අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ 75 වන ජන්ම දිනය ද අදයි. වත්මන් ආණ්ඩුවේ මුදල්, බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ද වන අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරට 05 වන විධායක ජනාධිපතිවරයායි.

1945 නොවැම්බර් මස 18 වනදා උපත ලැබූ මහින්ද රාජපක්ෂ මහතා රටට ජයග‍්‍රහණ රැුසක් අත්කර දුන් සුවිශේෂී නායකයෙකු ලෙසටයි සැලකෙන්නේ. 

nethnews

Related posts

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Malar FM

සති අන්ත දීර්ඝ නිවාඩුවට නුවරඑළියට සංචාරකයන්ගෙන් විශාල ඉල්ලුමක්; හෝටල් සහ නිවාඩු නිකේතන පිරී යයි

Malar FM

පාම් ඔයිල් තහනම ඉවත් කරන්න කියයි..

Malar FM