Local NewsNews

කොරෝනා මල සිරුරු මෝචරියේ ගොඩ ගැසේ..

කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය ගිය පුද්ගලයන්ගේ මළසිරුරු 5 ක් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඇතැයි වාර්තා වෙයි.

ඒවා ආදාහනය කිරීමට මිනීපෙට්ටි ලබාදීම ඔවුන්ගේ පවුලේ පිරිස් විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ දින කිහිපයක් තිස්සේ මෘතදේහ තබා ගැනීමට සිදුව තිබේ.

ඇතැම් පිරිස් මිනී පිටි ලබාදීම ප්‍රතික්ෂේප කරන්නේ ආදාහනය කිරීමට විරෝධය දැක්වීමක් ලෙස යයිද සෞඛ්‍ය අංශ ප්‍රකාශකයකු ජාතික පුවත්පතක් වෙත ප්‍රකාශ කර තිබේ.

නමුත් ඇතැම් පුද්ගලයන්ට මිනී පෙට්ටියක් මිලදී ගැනීම සඳහා වත්කමක් සත්‍ය වශයෙන්ම නැති බව පෙනී යන බවද ඔහු සඳහන් කර ඇත.

Related posts

අම්ෆන් සුළිකුණාටුව දරුණුයි – ශ්‍රී ලාංකික ධීවරයින් 180ක් සමග බෝට්ටු 30ක් අවදානමක

Malar FM

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

Malar FM

තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනිය

Malar FM