Local News News

අටලුගමින් රෝගීන් 195ක් එකවර වාර්තා වෙයි

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් තවත් කොරෝනා ආසාදිත රෝගීන් 195 දෙනකු එකවර වාර් තා වූ බව  බණ්ඩාරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සුධම්මා ලෙනෝරා මහත්මිය පවසයි.

ඒ සමගම අටලුගම ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 931 ක් දක්වා ඉහල ගොස් ඇත.

බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1080 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් 180 දෙනෙකුගේ පි.සි.ආර් පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතව අතර හඳුනා ගත ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කිරීමේ කටයුතු සිදුකරන බවත් අතිරේක සෞඛ්‍ය නිලධාරිනිය වැඩිදුරටත් පැවසීය.

Related posts

විදේශ රටවලින් ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වීම අත්හිටුවයි : අදත් පුද්ගලයින් 374ක් රැගෙන එයි

Shiran Viraj

ජනපතිගෙන් නව ජාතික අධ්‍යාපන සැලැස්මක්

Shiran Viraj

අපි එන්න කලින් පාසල් දරුවන් උදේ රැස්වීමේදි ක්ලාන්ත වී වැටුනා.. දැන් එහෙම වැටෙන්නෑ..

Shiran Viraj