Local NewsNews

කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමි

කෝවීට්_19 මේ බරපතල තත්වය වෙලාවේ රජය අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගය ඇත්තටම අප අගය කරනවා, යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත  හිමියන් කීය.

උන් වහන්සේ මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් පූජ්‍ය ඕමල්පේ සෝභිත මහිමියන් කියා සිටියේ අපි දන්නවා යම්යම් අඩුපාඩුකම් පමා වීම් තිබුනු බවත්. නමුත් පවාවීම් සිදු වුනත් ඉතාමත් වේගවත්ව ක්‍රියාකාරී වුනා රජය මැදිහත්වීම සහ මෙහෙය වීම.  ජනාධිපතිතුමාගේ නායකත්වය සෞඛ්‍ය ඇමති තුමියගේ සංවිධායක්වය. වෛද්‍ය හා ආරක්සක අංශවල කැපවීම සෑම කෙනෙක්ම දක්වන ලද කැපවීම මේක අතිශයින්ම සංවේදීයි. කෘතවේදී අත් දැකිමක් අපි ලබාපු.

මේ ඇදිරිනීතිය ඉවත් කිරීමට යෑමේදී අපි බලාපොරොත්තු වෙනවා ‍ සෞඛ්‍ය අංශවල නිසි ක්‍රමවේදය භාවිතා වෙනවාද කියන එක පිළිබදව.සෞඛ්‍ය අංශවල උපදේශණය යටතේද මේ දේ සිදුවන්නේ.මේ ලිහිල් කිරීම නිසා යම් විදියක ඇදිරිනීතිය ලිහිල්කල අවස්තාවේදී එය පූර්ණ නිදහසක් විදියට ගනන් ගන්න එපා. අපේ නිදහස අපේ සෞඛ්‍ය අපේ යහපත කරුණාකර තනි තනිව බලාගත යුතුමයි.

මේ ඇදිරිනීතිය ලිහිල් කරන්නේ රටේ ආර්ථිකය හා සමාජ තත්වය කඩා වැටෙන්න නොදී තබාගැනීමට විය යුතුයි. එසේ වූවාට මහජනතාව ලෙස අපි හැමෝටම තියෙනවා බරපතල වගකීමක් සෞඛ්‍ය නීති අනුගමනය කිරීම සදහා. යයි ඕමල්පේ සෝභිත හිමි කීය
(under the courtesy of lankacnews.com news web)

Related posts

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Malar FM

මාලිමා ආණ්ඩුවෙන් ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාරයක් ලෙස..- අනුර

Malar FM

වීථි ලාම්පු නඩත්තු පිරිවැය මහජනතාවගේ විදුලි බිලට එක් කිරීමට රජය සැරසෙන බවට අනාවරණයක්

Malar FM