Local NewsNews

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට සේවා අරඔයි.

මෙතෙක් වසා දමා තිබු කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය හෙට (07) සිට මගීන් සදහා විවෘත කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා පවසයි.

කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානාධිපතිවරයාට කොවිඩ් 19 වැලදීම නිසා දින කිහිපයක් වසා දැමීමට සිදුවිය. ඒ අනුව කොම්පඤ්ඤවීදය දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානාධිපති වරුන් දෙදෙනකු ගෙන් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සමත්විතව සිය රාජකාරි කටයුතු සිදුකෙරේ.

දුම්රිය ස්ථානයෙන් මගීන් හට දුම්රිය ප්‍රවේශපත්‍ර හා වාර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම ද කිසිදු අඩුපාඩුවකින් තොරව සිදු කෙරෙන ඇත. කාර්යාල සදහා ගමන් කිරීමට පැමිණෙන මගීන් කිසිදු චකිතයක් ඇතිකර ගත යුතු නැති අතර දුම්රිය ස්ථානයට පැමිණෙන මගීන් මුඛ ආවරණ පැලද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැමිණෙන ලෙසද කසුන් චාමර මහතා වැඩි දුරටත් පැවසුවේය.

Related posts

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

Malar FM

රජ කුමාරයෙක් කුණුහරුප සිංදු හදන අයෙකුට කණට ගහලා..

Malar FM

ඉන්ධන මිල ඉහල දමන්නැයි කියයි.. දැනට ලීටරයක පාඩුව ඩීසල් 43ක්, පෙට්‍රල් 28ක්, භූමිතෙල් 60ක්

Malar FM