Local NewsNews

සිරිපා වන්දනා සමය අදින් ඇරඹේ

බැතිමතුන් මහත් භක්තියෙන් වැඳ නමස්කාර කරන මෙවර සිරිපා වන්දනා සමය අදට යෙදී ඇති උඳුවප් පොහොය දිනයට සමගාමීව ආරම්භ වෙයි.   

ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් සඳහන් කලේ අද අලුයම යෙදී තිබූ සුභ නැකතකට අනුව චාරිත්‍රානුකූලව සිරිපා වන්දනා සමය ආරම්භ කළ බවයි.

කෙසේවෙතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉතා සීමිත පිරිසක් පමණක් උඩමලුවේ චාරිත්‍ර සඳහා සහභාගී කරවාගනු ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා බැතිමතුන්ට දැනුම් දෙන්නේ හැකිතාක් ජනවාරි මාසයේදී සිරිපා වන්දනාවේ පැමිණීමෙන් වළකින ලෙසයි.

සිරිපා වන්දනා වාරය සඳහා බැතිමතුන්ට කොවිඩ් පාලන නීති රීතිවලට අනුකූලව සීමිත පහසුකම් යටතේ ඉඩ සලසා ඇති බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් වැඩිදුරටත් සඳහන් කළේය.

gossiplankanews

Related posts

රාජපක්ෂ පවුලේ මුදලට වැඩිපුරම කෑදර බැසිල්… රට විනාශ කලේ බැසිල්-පීබී..- හිටපු අගමැති මහින්දගේ ලේකම් හෙලිදරවුවක….

Malar FM

බුදුන් වෙනුවෙන් ආත්මය පූජා කරන්න සිරුරට ගිනි තියාගන්න..- අවලෝකිතේශ්වර

Malar FM

ජොන්ස්ටන් අත්අඩංගුවට ගන්නැයි දැනුම් දෙයි…

Malar FM