Local NewsNews

කොරෝනා නව ප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවේ – ආසාදිතයින් 6 ක් තහවුරුවේ

පසුගියදා බ්‍රිතාන්‍යයේදී ප්‍රථම වරට හඳුනාගත් කොවිඩ් -19 හි වඩාත් බෝවන ප්‍රභේදයේ රෝගීන් හයක් ඉන්දියාවේදී තහවුරු වී ඇති බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

එක්සත් රාජධානියේ සිට ආපසු පැමිණි ඉන්දීය පුද්ගලයින් හය දෙනෙකු මෙම නව වෛරසය එරටට රැගෙනවීත් තිබෙන අතර මෙම අවස්ථාවේ ඔවුන් හුදෙකලා වී සිටින බව බලධාරීහු අඟහරුවාදා ප්‍රකාශ කළහ.
පසුගිය සතියේ එක්සත් රාජධානියට සහ ඉන් පිටත ගුවන් ගමන් අත්හිටුවීමට ඉන්දියාව පියවරගත් නමුත් මේ අය එරටට පැමිණ ඇත්තේ ඊට පෙරයි.

මෙම නව ප්‍රභේදය මගින් “විනාශයක්” ඇති කළ හැකි බවත් දැනට පවතින සෞඛ්‍ය සේවා පාලනයෙන් සියල්ල ඉවතට විසිවිය හැකි බවත් ඉන්දීය විශේෂඥ වෛද්‍ය ඒ ෆාතාහුදීන් පවසා තිබේ.

නව ප්‍රභේදය සඳහා ධනාත්මකවූ පසු ඉන්දියාවේ නිලධාරීන් සමීප සම්බන්ධතා සහ හය දෙනාගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධතා සොයා ගැනීමට පටන් ගෙන තිබේ.

එක්සත් රාජධානියේ සිට පැමිණෙන මගීන් රටේ සියලුම ගුවන්තොටුපලවල RT-PCR පරීක්ෂාවට ලක් කරන බව නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ධනාත්මක බව සොයාගත් සාම්පල නව ප්‍රභේදය හඳුනා ගැනීම සඳහා රජය විසින් පවත්වාගෙන යනු ලබන විද්‍යාගාර මගින් ජානමය අනුපිළිවෙලට සකස් කරනු ලැබේ.

පසුගිය මාසය තුළ එක්සත් රාජධානියේ සිට මගීන් 33,000 ක් පමණ ඉන්දියාවට පැමිණ තිබේ. ඉන් 114 ක් කොරෝනා සඳහා ධනාත්මක බව සොයාගෙන ඇත – ඒවායේ සාම්පල ජානමය අනුක්‍රමණය සඳහා විද්‍යාගාර දහයකට යවා ඇති බව එරටින් වාර්තාවේ.

gossiplankanews

Related posts

බුදු දහම ප‍්‍රවර්ධනය Chat GPTට දෙනවා..- ජනපති

Malar FM

වරාය නගරයේ ක‍්‍රිප්ටොකරන්සි භාවිතයට අවසර….

Malar FM

13 අහෝසි කරන්න ඉඩ දෙන්න එපා – සම්බන්ධන් ඇමෙරිකානු තානාපතිනියගෙන් ඉල්ලයි

Malar FM