Local NewsNews

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොවිඩ් -19 ආසාදිතයින් 32 දෙනෙකු හඳුනාගෙන ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පැවසීය.

කුඩා ළමුන් 20 දෙනෙකු සහ මව්වරුන් 12 දෙනෙකු ඒ අතර වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි.

එමෙන්ම රෝහලේ වෛද්‍යවරයෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට ද ඊයේ (05) දිනයේ හඳුනාගෙන තිබේ.

කෙසේවෙතත් එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇත්තේ රෝහල තුළින් නොවන බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පෙන්වාදෙයි.

මෙම තත්ත්වය තුළ ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණීමට අනියත බියක් ඇති කරගත යුතු නොවන අතර ප්‍රතිකාර සේවා කටයුතු කිසිඳු බාධාවකින් තොරව සිදුවන බව ද රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂවරයා අවධාරණය කළේය.

adaderananews

Related posts

එකා­ මෙන් රට­ත්, ජාති­යත් ආරක්ෂා කරමු -වස්ති

Malar FM

LPL පුහණුකරුවෙකුට කොරෝනා..

Malar FM

මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමි

Malar FM