BusinessBusiness NewsNews

පිටි කිලෝව 500යි.. පාන් 350ට.. බනිස් 150ට… මාසයකින් පාන් නැත්තටම නෑ…

දැනට රට තුළ ඇති වී තිබෙන තිරිඟු පිටි හිගයට විසඳුමක් ලබා නොදුනහොත් මාසයක් ඇතුළත හිරට තුළ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනය සම්පූර්ණයෙන් ම නැතිව යනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා සඳහන් කරන්නේ එවන් අවස්ථාවක ජනතාවට පෝලිමේ හෝ ගොස් පාන් ගෙඩියක් මිලට ගැනීමට නොහැකි වනු ඇති බවයි.

විදේශ විනිමය හිගය නිසා දැනට මෙරට ප්‍රධාන පිටි ආනයන සමාගම් වලට තම පිටි තොග ආනයනය කිරීමට නොහැකි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

පිටි ආනයනය කිරීම හේතුවෙන් ඩොලර් මිලියන 700 ක ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති නිසා තවදුරටත් පිටි ලබා ගැනීමට හැකියාව ඇත්තේ අත්පිට මුදලට පමණක් බව ද ඔහු පැවසීය.

අද වන විට පිටි මිටියක් රුපියල් 25,000 දක්වා මිල ඉහළ ගොස් ඇති අතර එම මිලට පිටි මිල දී ගෙන පාන් නිෂ්පාදන කළහොත් පාන් ගෙඩියක් රුපියල් 350 ක් ද බනිස් ගෙඩියක් රුපියල් 150 ද ඉක්ම විය හැකි බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related posts

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

Malar FM

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

Malar FM

ඉන්දීය අගමැති කටුනායකින් බහී…

Malar FM