NewsPolitical

ලෝකය වෛරස් පාලනය කර ඇත්තේ ඇඟට විදින එන්නත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවෙයි..- JVP

ලෝකය වෛරස් පාලනය කරන්නේ ඇඟට විදින බෙහෙත් වලින් මිස උගුරට දමන බෙහෙත් වලින් නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

අද ඕන වැඩ රටේ සියලු තැනකම කොරෝනා පැතිරී ගොස් ඇති බවත් මීට හේතු වූයේ දෙවැනි රැල්ල මිනුවන්ගොඩින් ආරම්භ වෙද්දී විශේෂඥයන්ගේ මතය අනුව සති 2කට රට වසා නොදැමීම බවද ඔහු පැවසීය.

කෙෙසේ වෙතත් සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල මැදිහත්වීම මත අද වැඩි පිරිසක් රෝගීන් නොමැරී බේරෙන බව ද ඔහු සඳහන් කළේ ය.

පාතදුම්බර ප‍්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඒ මහතා මේ අදහස් පල කලේය.

රටේ සම්පත් විදේශයන්ට නොදෙන බවට රුවන්වැලිසෑය ඉදිරිපිට දිවුරා කියූ අය අද කිසිදු හිරිකිතයකින් තොරව කොළඹ වරාය ඉන්දියාවට දෙන්න සූදානම් කර අවසන් බව ද ඔහු එහිදී කියා සිටියේය.

Related posts

ඇමති අලි සබ්රිගේ ප්‍රකාශය උද්දච්චයි, ජන වරම හෑල්ලුවට ලක් කරනවා – ජාතික සංවිධාන වලින් චෝදනා

Malar FM

‘නොවැම්බර් 12 අනතුරු ඇඟවීම නොසලකා හැරීම පට්ටපල් බොරුවක්’ – අමාත්‍ය නලින්ද ජයතිස්ස චෝදනා ප්‍රතික්ෂේප කරයි

Malar FM

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

Malar FM