වැඩිකළ විශ්රාම වැටුප් දීමනාව මේ වසරේ ජනවාරි මස අත්හිටුවීමට රජය විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂක ජනරාල්වරයා ඇතුළු විශ්රාමිකයන් 95 දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම මාර්තු මස 14වෙනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද දින ලබා දුන්නා.
මෙම පෙත්සම අද දින අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන ද්වි පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැදවන ලදී .
විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂක ජනරාල් කේ.ඒ.තිලකරත්න ඇතුළු 95 දෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට අගමැතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඇතුළු පාර්ශ්වයන් 20 ක් නම් කර ඇත .
අංක 3/2016 දරණ චක්රලේඛයෙන් විශ්රාම වැටුප් අදියර පහකින් වැඩි කිරීමට නිර්දේශ කර තිබූ බවත් කෙසේවෙතත් එම තීරණය කැබිනට් මණ්ඩලය විසින් මේ වන විට අත් හිටුවා ඇති බව පෙත්සම්කරුවන් පවසා සිටියි .