International NewsNews

ඕස්ට්‍රේලියාව යළි ගිනි ගනී – නගර රැසක උෂ්ණතවය ඉහළට

ඕස්ට්‍රේලියාවේ ගිනිකොණ දිග ප්‍රදේශයේ උණුසුම් කාලගුණ තත්ත්වය දැඩි ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ප්‍රධාන නගර රැසක් ලැව්ගිනි අවදානමට අතවනමින් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

දකුණු දිග ඕස්ට්‍රේලියාවේ ඇඩලෙයිඩ් නගරය තුළ මේවනවිටත් සැලකිය යුතු ලෙස ලැව්ගිනි හටගෙන ඇති අතර එය අවදානම් තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බවයි වාර්තා වන්නේ. නගරයේ හෙක්ටයාර 2,500 ක භූමි ප්‍රමාණයක් පුරා මේවනවිටත් ලැව්ගිනි පැතිර පවතිනවා. 

ගිනි ගැනීම්වලට හසුවීමෙන් නිවාස රැසක් ද විනාශ වී ඇතැයි සඳහන්. සමස්ථ නගරයම ලැව්ගිනිවලින් නැගෙන දුමාරයෙන් වැසී පවතිනවා. ඇඩලෙයිඩ් නගරයෙන් මෙලෙස ගිනිගැනීම් වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ නගර රැසක් ඉකුත් වසරේදී ලැව්ගිනි හමුවේ සම්පූර්ණයෙන් විනාශයට පත්වූ පසුබිමක් තුළයි. 

මේවනවිට වික්ටෝරියා ප්‍රාන්තයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ක් පමණ වන අතර එම තත්ත්වය සෙල්සියස් අංශක 40 ක් පමණ දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ඕස්ට්‍රේලියාවේ වෙළඳ මර්මස්ථානයක් වන සිඩ්නි නගරයේ උෂ්ණත්වය ද අඛණ්ඩව තෙවන දිනටත් සෙල්සියස් අංශක 30 ඉක්මවා තිබුණා. ඒ අනුව එළිමහන් ස්ථානවල සිදුකරන ක්‍රියාකාරකම්වලින් වැළකී හැකිතාක් ආරක්ෂිතව සිටින ලෙසයි බලධාරීන් අවදානම් ප්‍රදේශවල වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ. එසේම ලැව්ගිනි වලින් පිටවන දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් වළකින ලෙස ද බලධාරීන් අවදානම් ප්‍රදේශවල වෙසෙන වැසියන්ගෙන් ඉල්ලීමක් කළා.

පවතින තත්ත්වය හමුවේ උෂ්ණත්වය ඉහළ යාම සම්බන්ධයෙන් වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ටස්මේනියා සහ ක්වීන්ස්ලන්ඩ් යන ප්‍රාන්තවල වැසියන්ට ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යංශය මගින් අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළා.          

Related posts

බැසිල් ඇමරිකාවෙන් එයි.. අගමැති කරන්න කටුනායක සිට පෙලපාලියකින් කැදවාගෙන එයි..

Malar FM

ජනබල විරෝධයට එමින් සිටි බස්වලට ගල් ගසති… අංක තහඩු නැති වාහන කරලියේ..

Malar FM

ඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයි

Malar FM