NewsPolitical

වකුගඩු රෝගීන් වෙනුවෙන් පොළොන්නරුවේ ඉදිවන විශේෂිත රෝහල ජනපතිගේ නිරීක්ෂණයට

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ඉදිකිරීම් අද (17) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා. වකුගඩු රෝගයෙන් පීඩා විදින දිවයින පුරා දිස්ත්‍රික්ක රැසක ජනතාව වෙනුවෙන් දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙය ඉදි කෙරෙනවා. ඒ, පොළොන්නරුව මහ රෝහලට නුදුරින්.

ඇඳන් 204කින්, රුධිර කාන්දුකරණ යන්ත්‍ර 100කින්, වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යාගාර ඇතුළු ලොව නවීතම පහසුකම්වලින් සමන්විත මෙම රෝහල සදහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 12ක්. අද පෙරවරුවේ රෝහල් පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි ඉදිකිරීම් පිළිබද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මුදල් ගෙවන තුරු ඉන්දියාව ලංකාවේ තෙල් නැවු හතරක් රදවාගනී.. ණයට දෙන්න බෑ කියයි…- බ්ලුම්බර්ග්

Malar FM

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටු

Malar FM

නායයෑම් නිවේදන අලුත් වෙයි.. දෙවන අදියරේ නිවේදන නිකුත් වේ…

Malar FM