International NewsNews

අවුන් සාන් සුකීගේ පක්ෂ මූලස්ථානයට හමුදා ප්‍රහාරයක්

හමුදාව භාරයට ගෙන සිරගත කර සිටින මියන්මාර නායිකා අවුන් සාන් සුකී නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයට මියන්මාර හමුදාව විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. හමුදාව විසින් පළමුව එම මූලස්ථානය වටලා, අනතුරුව එම මූලස්ථානයට දැඩි අලාභ හානි සිදුකර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

හමුදාව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ලීගයේ මූලස්ථානයේ දොරටු කඩා දේපළවලට හානි සිදුකර ඊට ඇතුළුවී තිබෙනවා. ඔවුන් එම ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊයේ රාත්‍රියේදීයි. හමුදා පාලනය විසින් මියන්මාරය පුරා රාත්‍රී 08 සිට අලුයම 04 දක්වා ඇඳිරි නීතිය පනවා තිබුණා. 

මේ අතර හමුදා පාලනයට එරෙහිව විරෝධතාවයේ නිරත වි සිටින මියන්මාර විරෝධතාකරුවන් ඉලක්ක කර එරට හමුදාව වෙඩි ප්‍රහාර ද එල්ල කර අති බවයි වාර්තා වන්නේ. එලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාවකගේ තත්ත්වය බරපතල බව ද විදෙස් වාර්තා සඳහන් කළා. 

Related posts

රනිල්ට මඩ ගහන්න විශ්වාස භංගයක්

Malar FM

පුද්ගලික වාහන හැර අනෙක් සියළු වාහන ආනයන සීමා ඉවතට..

Malar FM

අපේ මවුපියන්ට එන්නත් දුන්නේ කොරෝනා මඩින උපායමාර්ගයක් ලෙසයි..- GMOA

Malar FM