NewsPolitical

මා යලි බලයට ආවොත් ගොවීන් අමාරුවේ දමන්නේ නෑ..- මෛත‍්‍රී

තමන් නැවත බලයට පැමිණියහොත් ගොවීන් අමාරුවෙන් නොදමන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

කාබනික පොහොර භාවිතය ක්‍රමානුකූලව ගොවියා යොමු කිරීම තම අරමුණ බවද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ බකමූණ නගරයේ ගොවීන් විසින් අඛණ්ඩ උපවාසයක් සිදු කරන ස්ථානයේදී ගොවීන් සමඟ සංවාදයක යෙදෙමිනි.

ගොවියා ගැන ආණ්ඩුව සමඟ කොතෙක් කතා කළ ද ආණ්ඩුව තමනට ඇහුම්කන් නොදෙන බවද ඒ මහතා පැවසීය.

කිහිප වතාවක් කෘෂිකර්ම ඇමැතිවරයා සමඟ පොහොර ප්‍රශ්නය ගැන කතා කලද යහපත් ප්‍රතිචාර නොලැබුන බවද කී ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා නියරේ යාමට නොදන්න කෙනෙක් යැයිද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වන්නේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී ‘ඉවත්වී කා සමග එක්වන්න ද’ යි පෙරලා ප‍්‍රශ්න කලේය.

Related posts

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

Malar FM

ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

Malar FM

පියුමි හංසමාලි සහ අවුරා ලංකා සභාපතිට එරෙහිව අධිචෝදනා

Malar FM