Local NewsNews

21 දක්වා රට වසන්නැයි සෞඛ්‍ය අංශ දන්වයි.. ‘සෞඛ්‍ය අංශ අනුමත නොකලොත් 14 විවෘත කිරීමක් නෑ’ හමුදාපති කියයි…

එළඹෙන 14 වන දා රට විවෘත කරන්නේ සෞඛ්‍ය විශේෂඥයන් විසින් රට තුළ බරපතළ තත්ත්වයක් ඇති නොවන්නේ යැයි තහවුරු කළහොත් පමණක් බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය විශේෂඥයන් සමඟ පුළුල් සාකච්ඡාවක් සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා රට විවෘත කිරීමට පෙර කොරෝනා ව්‍යාප්තිය ගැන පුළුල් විද්‍යාත්මක විශ්ලේෂණයක් කළ යුතු බවද කියා සිටියේය.

දැනට පවතින සංචරණ සීමා එළඹෙන 14 වැනිදා ලිහිල් කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන එය එළඹෙන 21 වෙනිදා දින දක්වා දීර්ඝ කළ යුතු යැයි සෞඛ්‍ය විශේෂඥයන් රැසක් රජය දැනටමත් පෙන්වා දී තිබේ.

lankacnews.com

Related posts

කාලගුණයෙන් රතු නිවේදනයක්

Malar FM

19 නිවැරදි කිරීම පමණක් නොව 13 -16 සංශෝධනවල භයානක ප‍්‍රතිපාදන ද අහෝසි කළ යුතුයි

Malar FM

වී ගබඩා සුද්ද කරන්න හමුදාවෙන් කැදවයි…

Malar FM