Local NewsNews

සති දෙකකින් තවත් මාස දෙකකට රට වහන්න වෙයි..- වේලාසන දැනුම් දේ…

සංචාරණ සීමා දමා රට වසා දමා තිබූ කාලයේ මග හැරුණු වැඩ ටික කර ගැනීම සඳහා වෙනදා මෙන් කටයුතු කළහොත් සති 2කින් පසු නැවතත් මාස කිහිපයකට වසා දමන්නට සිදුවන තත්වයක් ඇති වනු ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එනිසා ජනතාව දැන් තීරණය කළ යුත්තේ සුළු වශයෙන් වැඩකරගෙන වසර මෙම වසර අවසන් වන තෙක් සිටින්නේ ද නැතිනම් සති දෙකකින් නැවත රට වසා දමන්නේද යන්න බව ඒ මහතා පැවසීය.

පසුගිය සංචාරණ සීමා ක්‍රියාත්මක වූ සමයේ දී අත්‍යවශ්‍ය සේවා ලිපි යවමින් අත්‍යවශ්‍ය නොවන බොහෝ පිරිස් ආයතන ප්‍රධානීන් විසින් කැඳවීම් කර තිබූ බවද පැවසූ ඔහු මෙවර එම තත්ත්වය ඇති නොකර ගත යුතු බවද කියා සිටියේය.

රූපවාහිනි නාළිකාවක් සමඟ සාකච්ඡාවක දී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඕමානයෙන් බිලියන 3.6ක ශ‍්‍රී ලංකාවට ඉන්ධන ලබා ගැනීමේ සාකච්චා බිද වැටේ..

Malar FM

ජාතික කණ්ඩායමේ හිටපු ක‍්‍රීඩකයෙක් රන් මාල කොල්ලයකට අත්අඩංගුවට..

Malar FM

රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Malar FM