Local NewsNews

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

අතුරු, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

අවදානම් දීමනාව ඉහළ දැන්වීම ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසිය.

සෞඛ්‍ය සේවාවේ පොදු ගැටළුවට එක් එක් පාර්ශවයන් විශේෂ ලෙස සලකමින් විසඳුම් ලබා දීම සම්බන්දයෙන් බලධාරීන්ට විරෝධය පළ කිරීම ද මෙම වැඩවර්ජනය අරමුණකි.

අද දිනයේ කොරෝනා මර්ධන ඇතුළු සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහන් කරන්නේ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජකාරි කටයුතුවලින් තම සංගමයේ සාමාජිකයන් ඉවත් වී සිටින බවයි.

Related posts

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Malar FM

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Malar FM

මං සටන අතහැර නෑ.. විදුලි ගාස්තු වැඩිකිරීම ආපසු හරවනවා..- ජනක ඕස්ට්‍රේලියාවේ සිට..

Malar FM