Local News News

වෛද්‍ය සේවා වෘත්තිකයන් හා මහජන සෞඛය පරීක්‍ෂකවරුන් වර්ජනයක් අරඹති…

අතුරු, පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

අවදානම් දීමනාව ඉහළ දැන්වීම ඇතුළු ඉල්ලීම් දහයක් මුල් කරගෙන මෙම වර්ජනය ආරම්භ කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පැවසිය.

සෞඛ්‍ය සේවාවේ පොදු ගැටළුවට එක් එක් පාර්ශවයන් විශේෂ ලෙස සලකමින් විසඳුම් ලබා දීම සම්බන්දයෙන් බලධාරීන්ට විරෝධය පළ කිරීම ද මෙම වැඩවර්ජනය අරමුණකි.

අද දිනයේ කොරෝනා මර්ධන ඇතුළු සියලු රාජකාරි කටයුතුවලින් ඉවත්ව සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් සඳහන් කරන්නේ රෝහල්වල අත්‍යවශ්‍ය සේවා හැර සෙසු රාජකාරි කටයුතුවලින් තම සංගමයේ සාමාජිකයන් ඉවත් වී සිටින බවයි.

Related posts

රුසියාව කිපේ.. ශ‍්‍රී ලංකා තානාපති කැදවා විරෝධය දක්වයි.. රුසියානු මධ්‍යයෙන් ලංකාවට චෝදනා…

Shiran Viraj

බුදුන් වහන්සේගේ නමින් ක්‍රිකට් ක්‍රීඩාංගනයක්

Shiran Viraj

ඉන්දියාවේ විශාල ප‍්‍රහාරයකට ලාංකික ISIS ත‍්‍රස්තයන් හතරක් ඉන්දියාවට..

Shiran Viraj

Leave a Comment