Local NewsNews

SJB පාර්ලිමේන්තු මන්ත‍්‍රී හමුදාපතිගේ නිවස වීඩියෝ කරයි.. පොලිසියට පැමිණිලි..

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පෞද්ගලික නිවස හා එය පිහිටි භූමිය වාහනයකින් පැමිණ ජංගම දුරකථනයකින් වීඩියෝගත කර ගෙන ගිය බව කියන හතර දෙනෙකු පිළිබඳව පරීක්ෂණ වැලිකඩ පොලිසිය විසින් පවත්වයි.

පොලිසිය පවසන්නේ මෙම පිරිස අතර සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි.

එම නිවස ඉදිරිපිට ආරක්ෂාවේ යෙදී සිටි ආරක්ෂකයින් විසින් මෙම වීඩියෝ ගත කිරීම දැක ඇති අතර ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඔවුන් විසින් අදාළ වාහනයේ සිටි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාද හඳුනාගෙන ඇතැයි පොලිසිය කියා සිටී.

Related posts

සුපිරි ජීවිතයක් ගතකරපු ධන කුවේරයා ඩොලර් ලක්ෂයක රත්‍රන් එක්ක අවසන් ගමන් ගිය හැටි – Video Photos

Malar FM

අර්බුදයට චන්ද්‍රිකා විසදුම් දෙකක් දෙයි..

Malar FM

ශ‍්‍රීලනිපය හොරු අරන්.. මහ ලේකම් පොලිසි යයි..

Malar FM