Local NewsNews

ආසාදිතයන් රට පුරා බහුලව.. ශ‍්‍රී ලංකාව යලිත් මහා කොරෝනා රැල්ලක් ඉදිරියේ..

රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයන් සමාජය තුළ බහුලව හඳුනා ගැනීමට ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව නැවත වරක් බිම් මට්ටමේ ආසාදිතයන් වාර්තාවීම වැඩිවීමක් පෙන්නුම් කරන බවද සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මෙම තත්ත්වය මත හැකි ඉක්මනින් සාමාන්‍ය ජනතාව අතර අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කළ යුතු බවද ඒ මහතා පැවසීය.

සංචරණ සීමා ලිහිල් කර ඇති මෙම කාලය තුළ ජනතාව සෞඛ්‍ය මාර්ගඋපදේශ පිළිනොපදින තත්වයක් පෙනී යන බවද පැවසූ ඔහු මෙය තව දුරටත් පැවතුනහොත් පාලනය කර ගැනීමට අපහසු මට්ටමේ විශාල කොරෝනා රැුළි ඇති විය හැකි බවද කියා සිටියේය.

Related posts

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Malar FM

‘එදා බෙරගල කදවුරේ ගෝනි බිල්ලා අද ඇමතිවරයෙක්..’ – චාමර සම්පත් බටලන්ද දෙවනත් කරයි…

Malar FM

ඉන්ධන නැතිවීමේ බරපතල අවදානමක්..- බලශක්ති ඇමති මාධ්‍ය අමතයි…

Malar FM