Local NewsNews

නැවතත් දැඩි සීමා පනවන්න වෙනවා..

කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම පාලනය කර ගැනීමට නොහැකි වූවොත් බරපතළ සීමාවන් පැනවීමට අනිවාර්යෙන්ම සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ මේ මොහොතේ රෝගීන් සංඛ්‍යාව අඩු නොකළහොත් මරණ සංඛ්‍යාව අඩු වක් තවදුරටත් බලාපොරොත්තු විය නොහැකි බවයි.

අද මියයන කොරෝනා රෝගීන් අතර බොහෝ දෙනකු මීට සති කිහිපයකට පෙර රෝගාතුරවී දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබමින් සිටි අය බව ද ඔහු පැවසීය.

රට විවෘත කර ඇති මොහොතේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ වෙත දැඩිව අනුගත වන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

Related posts

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

Malar FM

පොලිසියේ ගුටි කෙලියක්.. පිරිසක් රෝහලේ…

Malar FM

ඉරාන අර්බුදය සම්බන්ධයෙන් ජාත්‍යන්තර අවධානය දැඩි වෙයි

Malar FM